මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන දැඩි ලෙස හෙළා දකිමින් Free Lawyers සංවිධානය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බන්ධනාගාරගත වූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) විසින් නිකුත් කරන ලද තොරතුරු උපුටා දක්වමින් අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, මහර බන්ධනාගාරය තුළ මරණයක් සිදුව ඇති බවත්, තුවාල ලැබූ රැඳවියන්ට උපකාර කිරීමට උත්සාහ කළ පිරිස් වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බවට වාර්තා වන බවත්ය.
මීට පෙර පුද්ගලයින් 30 දෙනකුට ආසන්න පිරිසකට මරු කැඳවූ මීගමුව බන්ධනාගාර ගැටුම සිදුවී මාසයක් ගතවීමටත් පෙර නැවතත් මෙවැනිම මාරාන්තික තත්ත්වයක් ඇතිවීම බන්ධනාගාර පද්ධතියේ පවතින පාලනමය කඩාවැටීම ප්‍රදර්ශනය කරන බව පවසන එම සංවිධානය, අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ බහුතරයෙන් පරාජය කරමින් වගවීම පැහැර හැරි බවට ද චෝදනා කර තිබෙනවා.
එමෙන්ම, බන්ධනාගාර තුළ මෙවැනි පුපුරන සුළු තත්ත්වයක් පවතිද්දී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) හෝ අධිකරණ සේවා සංගමයේ (JSA) පූර්ව උපදේශනයකින් තොරව ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හදිසියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කිරීම ද නිදහස් නීතිඥ සංවිධානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) නිරීක්ෂණ කණ්ඩායමක් වහාම මහර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටින එම සංවිධානය මීගමුව සහ මහර සිදුවීම්වල පුද්ගලික හා දේශපාලනික වගකීම අධිකරණ අමාත්‍යවරයා විසින් භාරගැනීම සිදු කළ යුතුයැයි අවධාරණය කරනවා.
තවද ධුරයේ කටයුතු කිරීමට අපොහොසත් වී ඇති අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වහාම ධුරයෙන් ඉල්ලා අස්වීම, මහර සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්වීම සහ අධිකරණ අමාත්‍යාංශය සිය ප්‍රමුඛතා නිවැරදි කරගන්නා තෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා හකුලා ගැනීම සිදුකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.
Latest News
යෝජිත අල්ලස් පනත් සංශෝධනයට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි කනස්සල්ල
Local
04 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.21යි
Local
04 August 2026
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න: නාමල් රාජපක්ෂ
Local
04 August 2026
පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ ගල් අඟුරු භාවිතය වසරක අවම මට්ටමට වැටෙයි
Local
04 August 2026
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා නිමාවෙයි
Local
04 August 2026
පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට
Local
04 August 2026
''හදිසියේ ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු'' - දිනන දකුණ
Local
04 August 2026
රේගු බදු වංචාවකට ප්‍රසිද්ධ මෝටර් රථ ආනයන සමාගමක අධ්යක්ෂවරයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
04 August 2026
මිනිරන් කර්මාන්තය පුළුල් කිරීමට EDB අවධානය
Local
04 August 2026
මත්වෙලා එළවලා හමාරයි: මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සංවේදක Metro බස් රථවලට
Local
04 August 2026