එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එමිරේට්ස් (Emirates), සිය ඉකොනොමි පන්තියේ (Economy Class) ගුවන් මගීන් සඳහා ලබාදෙන සේවාවන් සහ පහසුකම් තවදුරටත් උසස් කිරීම වෙනුවෙන් දැවැන්ත යාවත්කාලීන කිරීම් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රයේ පවතින උණුසුම් තරගකාරීත්වය හමුවේ, ගුවන් ගමන අතරතුර මගීන්ට උපරිම සපපහසුව, නවීන තාක්ෂණික පහසුකම් සහ උසස්ම මට්ටමේ අත්දැකීමක් ලබාදීම මෙම නව පියවරේ ප්‍රධාන අරමුණයි.
මෙම නව යාවත්කාලීන කිරීම් යටතේ විශේෂයෙන්ම ඩිජිටල් සන්නිවේදන පහසුකම් පුළුල් කිරීමට එමිරේට්ස් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, Emirates Skywards සාමාජිකත්වය දරන සියලුම ඉකොනොමි පන්තියේ මගීන්ට ගුවන් ගමන අතරතුර WhatsApp සහ Messenger ඇතුළු ප්රමුඛ පෙළේ පණිවිඩ හුවමාරු යෙදවුම් භාවිතය සඳහා නොමිලේ Wi-Fi පහසුකම් හිමිවනු ඇති.
මීට අමතරව, HD තිර ඔස්සේ සජීවී නාලිකා, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ සංගීතය දහස් ගණනක් අත්විඳිය හැකි එමිරේට්ස් හි සම්මානනීය 'ICE' විනෝදාස්වාද පද්ධතිය ද නවතම අන්තර්ගතයන්ගෙන් සමන්විතව යාවත්කාලීන කර තිබෙනවා.
එමෙන්ම ගුවන් යානා අභ්‍යන්තරයේ සපපහසුව ඉහළ නැංවීම සඳහා Airbus A380 සහ Boeing 777 ගුවන් යානාවල ඉකොනොමි පන්තියේ අසුන් තවදුරටත් පහසු වන පරිදි නවීකරණය කර ඇති අතර, නවතම මෝස්තර සහ ආලෝකකරණ පද්ධති (Mood lighting) මගින් යානා අභ්‍යන්තරයට අලුත් පෙනුමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, මගීන්ට සිය ගුවන් ගමනට පෙර තමන්ට අවශ්‍ය ආහාර වේල කල්තියා තේරීමේ පහසුකම ද සමඟින් කලාපීය රසයන් මුසු වූ උසස් තත්ත්වයේ නවතම ආහාර පාන වර්ග ද මගීන් වෙත හඳුන්වා දී ඇති බව සඳහන්.
මීට අමතරව තිරසාර සංචාරක සංකල්පය පෙරදැරි කරගනිමින්, දීර්ඝ ගුවන් ගමන්වල නිරත වන ඉකොනොමි පන්තියේ මගීන් සඳහා පරිසර හිතකාමී සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යවලින් නිෂ්පාදිත විශේෂ සංචාරක පහසුකම් කට්ටල (Amenity kits) ලබාදීමට ද එමිරේට්ස් පියවර ගෙන තිබෙනවා.
මෙම දැවැන්ත යාවත්කාලීන කිරීම් හරහා ඉකොනොමි පන්තියේ ගුවන් මගී අත්දැකීම නව මානයකට ගෙන යමින්, ලොව ප්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස සිය පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීමට එමිරේට්ස් සමාගම අපේක්ෂා කරනවා.

Latest News
ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි.. දැන් අපි බලන්නේ මහජන ආරක්ෂාව - නි. ඇමති අරුණ
Local
08 August 2026
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක
Local
08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026