යතුරුපැදි සම්බන්ධයෙන් සිදුවන මාර්ග අනතුරු අවම කරමින් මහාමාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත යතුරුපැදි මංතීරුව (Dedicated Motorcycle Lane) කලවංචිකුඩි ප්‍රදේශයෙන් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ මුලිකත්වයෙන් සංවිධානය කළ '100 for 100' ජාතික ආයතනික යතුරුපැදි ආරක්ෂණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් යතුරුපැදිකරුවන් මුහුණ දෙන අනතුරු වන බැවින්, ඒ සඳහා වහාම විශේෂිත විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
යෝජිත මෙම යතුරුපැදි මංතීරුව rubber dividers යොදාගනිමින් සෙසු රථවාහන ගමනාගමනයෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළදී එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විශේෂ යතුරුපැදි මංතීරු භාවිත කිරීම මගින් අනතුරු ප්‍රමාණය විශාල ලෙස පහත හෙළීමට සමත් වූ මැලේසියාව වැනි රටවල අත්දැකීම් පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.
කලවංචිකුඩි ප්‍රදේශයේ අධික ලෙස යතුරුපැදි භාවිතයක් පවතින බැවින් මෙම නියමු ව්‍යාපෘතිය (Pilot project) සඳහා එම ප්‍රදේශය තෝරාගත් බවත්, එහි සාර්ථකත්වය මත පදනම්ව දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත ද මෙම සංකල්පය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක්
Local
04 August 2026