රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කර ඇති නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීති ක්ෂේත්රයේ සංවිධාන රැසක් විරෝධය පළ කර ඇති බවත් 2023 වසරේ ADB හි තාක්ෂණික සහයෝගය ඇතිව අධිකරණ අමාත්‍යාංශය වෙනුවෙන් සකස් කළ වාර්තාව වෙනත් ප්‍රමුඛතා අවධාරණය කරන බවත් මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ප්‍රශ්න රැසක් රජයට යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින්.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ පුළුල් වැඩ කොටසේ එක් කොටසක් නම් සෙසු ප්‍රතිසංස්කරණ ආදිය මෙන්ම ඒවා ක්‍රියාත්මක කරන නිශ්චිත කාලවකවානුව ඉදිරිපත් කරන ලෙසත් ලක්ෂ 11ක් නඩු ගොඩගැසී ඇති නිසා අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමට හොඳ ශක්‍යතා වාර්තාවක් අවශ්‍ය නමුත් පිටු 506කින් යුත් 2023 වාර්තාව හෝ එවැනි වාර්තා කැදවීමක් සිදු නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.
රජය පෙන්වා දෙන පරිදි ගොඩගැසී ඇති නඩු මිලියන 1.1කින් කොපමණ ප්‍රමාණයක් විනිසුරුවන්ගේ හිගය නිසා සේම අධිකරණ පරිපාලනය, රජයේ රසපරීක්ෂක හා නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් ආයතනවල ප්‍රමාදයන් නිසා සිදුව ඇත් ද කියා නිල දත්ත සභාගත කරන ලෙසත් 2023 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව අධිකරණ අමාත්‍යාංශය වෙනුවෙන් සකස් කළ ප්‍රතිසංස්කරණ වාර්තාව මගින් පද්ධතිමය ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාව ලබා දී ඇති නිසා මෙහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කරන්නට අපේක්ෂිත සංශෝධන ගැන ප්‍රමාණවත් සාකච්ඡා පවත්වා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විනිසුරුවන් පවා 65යි 0ට මෙය ප්‍රතික්ෂේප කර ඇති නිසා සාකච්ඡාවලට එළැඹිය යුතු බවත් විදේශීය නීති සංවිධාන රැසක් ද මේ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් පළ කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ කරන්න හදන කාලය කරන්න යන කාලය ආදිය සේම සිදු කරන්නට ඇති පසුබිම ගැටලු සහගත බවත් මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් බවට මේ සංවිධාන ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන්කර සිටියා.
දැනට පවතින උපරිමාධිකරණ හා පහළ අධිකරණ පුරප්පාඩු සම්බන්ධයෙන් පුරවා අවසන් නොකර විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් පමණක් අධිකරණවල නීතියේ ප්‍රමාද අවම වන බවට රජය සතු අධ්‍යයන ඉදිරිපත් කරන ලෙසත් මේ අධ්‍යයනයන්ට අනුව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නඩු විභාග ඉක්මන් කිරීමට බලපාන්නේ කෙසේද කියා විග්‍රහයක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණ ප්‍රතිසංස්කරණයේ සාර්ථකත්වය මැනීමට රජය භාවිත ප්‍රධාන දර්ශක ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිර්ඝ කිරීමෙන් එම දර්ශක වල කුමන වෙනසක් අපේක්ෂා කරන්නේද කියා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසුවා.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කළ දිනයත් එම කෙටුම්පත නීතිපති අනුමත කළ දිනයත් මෙය ගැසට් කරන දිනය සේම පළමු වර කියැවීමට ඉදිරිපත් කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රිවරුන්ට කරුණු පැහැදිලි කරන ලෙසත් ඒ සදහා පහසුකම් සපයන ලෙස සමගි ජන බලවේගය යෝජනා කර ඇති නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශයට අනුව ගෞරවනීය තෛනිකායික මහා සංඝරත්නය පවා මෙයට විරුද්ධ බවට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති නිසා ඒ ලිපිය සභාගත කරන ලෙසත් දැන්වත් ප්රශස්ත ප්රබුද්ධ සොයා බැලීමක් තුළ මේ කරන වෙනස්කම් සිදු කරන ලෙසත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියා දැන් අධිකරණය වෙනුවෙන් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකරන ලෙස ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026
ළමා ආරක්ෂාවට හානි කළ බවට Meta සමාගමට ඩොලර් මිලියන 567ක තවත් දඩයක්
Local
07 August 2026
අහස වලාකුළින් බරවෙයි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 දක්වා තද වැසි
Local
07 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026