General04 August 2026

සංවිධානාත්මක අපරාධකරුවෙක් වලාන ඒකකයෙන් අත්අඩංගුවට

'බෝධිරාජපුර විමුක්ති' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මත්ද්‍රව්‍ය සහ ආයුධ කිහිපයක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'චමිල' නමැත්තාගේ කල්ලිය වෙනුවෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා.

සැකකරු සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23.5ක්,කඩුවක් සහ පිහියක් අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වාලන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes