ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කළා.
සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා ඔහු බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව යි.
ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, පැමිණිල්ලේ ඉදිරි පියවර සඳහා ලබන ඔක්තෝබර් මස 9 වැනි දා නැවත කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.
මෙම ඉල්ලීමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන දරුවා සහ රෙජිස්ට්‍රාර් ජනරාල් ඇතුළු පිරිසක් පැමිණිලිකාරිය විසින් නම් කරනු ලැබ තිබෙනවා.
පැමිණිලිකාරිය කියා සිටින්නේ, තම බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස 29 වන දා ඉපදුණු බවයි.
2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් පසුව ඔහු තමා මග හැරීමට උත්සාහ ගත් බවත් ඇය සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණා.
එමෙන්ම ඔහු දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවටත් ඇය චෝදනා කර තිබෙනවා.
ඒ අනුව දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය ඉල්ලා තිබුණේ.
Latest News
රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
Local
05 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි: අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
05 August 2026
දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026