හොරණ, වගවත්ත ප්‍රදේශයේ කළුගඟේ නීතිවිරෝධී අයුරින් මැණික් ගැරීමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් 25 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ (03) දින නියෝග කළා.
මෙසේ ඇප නියම වූයේ හොරණ, වගවත්ත, කිරිඇල්ල ආදි විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 35 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.
මෙම පිරිස දින 05 ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියා.
මෙම නඩුවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල අධිකරණයට කරුණු දක්වමින්, මෙම වරද කිසිසේත්ම පොදු දේපළ පනත යටතට නොවැටෙන බවත්, එසේ සැලකේ නම් අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරක් සම්බන්ධයෙන් වුවත් පොදු දේපළ පනත යටතට වැටෙන බවත් පෙන්වා දුන්නා.
මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ මහ දවාලේ මෙම පිරිස යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකර විශාල පරිසර හානියක් සිදුකර ඇති බවයි.
බෝට්ටු 14 ක් සහ මෝටර් 06 ක් ඇතුළු මැණික් ගැරුම් උපකරණ රාශියක් අත්අඩංගුවට ගත් බවත්, බලවතුන්ගේ ආශීර්වාද ලබා ගනිමින් කිසිදු බියකින් තොරව මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු කර ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා.
නලින් ඉඹුලගොඩ, උත්පල අතුකෝරල, තනූ කළුබෝවිල යන නීතිඥවරුද සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළා.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත සහ නිශ්ශංක ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබුණා.
Latest News
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026