රටේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා නීතිඥවරුන් ලෙස විරෝධතාවයේ නිරත වන බව අධිනීතිඥ ලාල් විජයනායක පවසනවා.
මහනුවර නීතිඥ සංගමයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතිඥ ලාල් විජයනායක කියා සිටියේ, ඉදිරියේදී රජයේ නිලධාරීන්ට, හිටපු දේශපාලඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි විශේෂිත නඩු කිහිපයක තීන්දු දීමට නියමිතව තිබියදී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගැනීම පිටුපස යටි අරමුණක් ඇති බවට සාධාරණ සැකයක් මතු වන බවයි.
"මෙවැනි අවස්ථාවක විනිසුරුවන්ගේ සේවා කොන්දේසි වෙනස් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම හෝ වැටුප් වැඩි කිරීම හරහා රජයට පක්ෂපාතී තීන්දු ගැනීමට බලපෑම් ඇති විය හැකියි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වුවහොත් අප සැමට සිදුවන්නේ විධායකයේ වහලුන් බවට පත්වීමටයි. නඩු ප්‍රමාණය වැඩි නිසා විශ්‍රාම වයස වැඩි කරනවා කියන කතාව පිළිගන්න බෑ. නඩු ප්‍රමාදයට හේතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ අධිකරණවල පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟයයි. ඒවට පිළියම් යෙදුවොත් බන්ධනාගාරවල ගැටලුත් නිකම්ම අඩු වෙනවා." යනුවෙන් පෙන්වා දෙනවා.
මේ අතර, තමන් ජාතික ජන බලවේගයේ නිලතල දරන සාමාජිකයෙකු බවත්, මෙම ප්රශ්නයේදී නිශ්ශබ්දව සිටින ලෙස ලාල් කාන්ත තමන්ට දුරකථනයෙන් කතා කර පැවසූ බවත් ලාල් විජයනායක මෙහිදී අනාවරණය කළා.
"මම එදත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා. මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍යයි කියන එක මම එතුමාට කිව්වා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලිපියක් යැවීමටත් කටයුතු කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදය නැති වුණොත් එය ඒකාධිපතිත්වයකට අතවැනීමක්" යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Latest News
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026
ට්‍රම්ප්ගේ උත්සව ශාලාවට අධිකරණය හරස් වෙයි
Local
08 August 2026
වත්තල උපන්දින සාදයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
08 August 2026
පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත්
Local
08 August 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වැඩි තද වැසි
Local
08 August 2026
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026