ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් ඊයේ (04) දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.
මෙම හමුවේදී, 27 වන නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත ලුතිනන් කර්නල් මැතිව් හවුස් විසින් සිය සුභාශිංසන පිරිනමූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.
දෙරටේ නාවික හමුදා අතර පවතින සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් මෙහිදී සුහද පිළිසඳරක නිරත වූණා.
මෙම නිල හමුවීම සනිටුහන් කිරීම වෙනුවෙන්, නාවික හමුදාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදුකෙරුණා.
Latest News
අමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන්?
Local
05 August 2026
මාවතගමදී යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණයෙක් මරුට
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
Local
05 August 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp ඇරඹේ
Local
05 August 2026
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
Local
05 August 2026