General05 August 2026

අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් ඊයේ (04) දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා.

මෙම හමුවේදී, 27 වන නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත ලුතිනන් කර්නල් මැතිව් හවුස් විසින් සිය සුභාශිංසන පිරිනමූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

දෙරටේ නාවික හමුදා අතර පවතින සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් මෙහිදී සුහද පිළිසඳරක නිරත වූණා.

මෙම නිල හමුවීම සනිටුහන් කිරීම වෙනුවෙන්, නාවික හමුදාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී හා ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදුකෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes