General05 August 2026

හැටන් කලාපයේ වසා දැමූ සියලු පාසල් හෙට නැවත ඇරඹේ

අයහපත් කාලගුණය හේතුවෙන් වසා තැබූ හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (06) දින නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි.

ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ පැවැති ආපදා අවදානම හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැටන් කලාපයේ පාසල් තාවකාලිකව වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.


Related recommendation
Hiru TV News | Programmes