General06 August 2026

සූර්යයාගේ මෙතෙක් දක්නට නොලැබුණු පැහැදිලි ඡායාරූප පෙළක් නිකුත් වෙයි

ලෝකයේ බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිතා කරමින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ ඉතා පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් විද්‍යාඥයන් විසින් කැමරාවට හසු කරගෙන තිබෙනවා.

මෙම නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් සූර්යයාගේ මතුපිට ක්‍රියාත්මක වන සුළි සුළං වැනි ස්වභාවයක් පෙන්වන ක්‍රියාකාරීත්වයන් මනාව අනාවරණය කර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එසේම, උණුසුම් වායු ධාරාවල චලනයන් හේතුවෙන් සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය මෙලෙස හැරවීමට හා ගමන් කිරීමට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

නෙචර් විද්‍යාත්මක සඟරාව මඟින් එළිදක්වා ඇති මෙම නවතම ඡායාරූප පෙළ, හවායි දූපත්හි දූවිලි වලින් තොර පැහැදිලි අහසක් සහිත උස් කඳු මුදුනක ඉදිකර ඇති ඉනූයි සූර්ය දුරේක්ෂය ආධාරයෙන් ලබාගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes