දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුව යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරය වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය සහය ලබන ව්‍යාපෘති පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කර තිබුණා.
සිය එක්දින නිල සංචාරය නිම කරමින් ඊයේ පස්වරුවේ ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026