මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් පැවසුවා.
ගිලා බැසීමට අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවත්, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින්වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණා.
මේ හේතුවෙන් ආගරපතන ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශවාසීන්, එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් එම ගල කඩා ඉවත් කිරිමෙන් පසු අදාල මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (06) සිට යථා තත්වයට පත් කර තිබුණා.
Latest News
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු සැකකරුවන් 62ක් නම් කරයි
Local
07 August 2026
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026