General06 August 2026

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශය ගිලා බැසීමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් පැවසුවා.

ගිලා බැසීමට අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවත්, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින්වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණා.

මේ හේතුවෙන් ආගරපතන ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශවාසීන්, එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් එම ගල කඩා ඉවත් කිරිමෙන් පසු අදාල මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (06) සිට යථා තත්වයට පත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes