General06 August 2026

වසරේ මේ දක්වා ඖෂධ අලෙවි සල් 471ක් වැටලීම් කර ලක්ෂ 22කට අධික දඩ නියම කරයි: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා දිවයින පුරා ඖෂධ අලෙවි සල් 362ක වැටලීම් සහ විමර්ශන සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

එසේම මේ වසරේ මේ දක්වා විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් 471ක් ක්‍රියාත්මක කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

එම කාලය තුළ පවරන ලද නඩු සඳහා අධිකරණ මගින් රුපියල් 2,269,500.00ක (ලක්ෂ 22ක්) දඩ මුදලක් නියම කර තිබෙනවා.

එම අධිකාරිය විසින් පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඖෂධ අලෙවි සල් වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ඖෂධ අලෙවි සල් 109ක් පරීක්ෂාවට ලක් කර වැටලීම් 86ක් සිදු කර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes