General07 August 2026

පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීමේ සහ සියලු පුනරුත්ථාපන ආයතන කඩිනමින් ඒකාබද්ධ ජාතික වැඩසටහනකට ගෙන ඒමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ ලබන වසර සඳහා වූ පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්.
Related recommendation
Hiru TV News | Programmes