General08 August 2026

"හිර ගෙවල් ඇතුළේ ගැටුම් හදලා ආණ්ඩු බලය ගන්න විපක්ෂය හිතනව නම්.. ඒවා සොරි.." - මාලිමා මන්ත්‍රී සුරවීර

බන්ධනාගාර ඇතුළත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමට විපක්ෂයට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසනවා.

බන්ධනාගාර ගැටුම් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

"කවුරුහරි හිතනවා නම් බන්ධනාගාර ඇතුළේ කුමන්ත්‍රනයක් කරලා, සිරකරුවන් - සිරකරුවන් අතර ගැටුම් හදලා.. සිරකරුවන් - නිලධාරීන් අතර ගැටුම් හදලා.. ආණ්ඩු බලය ගන්න.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ..

ඒනිසා සජිත්, නාමල් මොන කණ්ඩායම බන්ධනාගාර ඇතුළේ කුමන්ත්‍රණයක් කරලා බලය ගන්න හදනවා නම්.. ඒවා සොරි.. එහෙම වෙන්නේ නෑ" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes