International09 August 2026

කැනඩා ළැව් ගින්න සීඝ්‍රයෙන් පැතිර යයි: 20,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පාලනයකින් තොරව පැතිර යන ළැව් ගින්න එක් රැයකින් දෙගුණයකට වඩා වැඩි ප්‍රදේශයකට පැතිර ගොස් තිබෙනවා.

බ්‍රිටිෂ් කොලොම්බියාහි අක්කර 23,500කට ආසන්න ප්‍රදේශයක් පුරා මෙම ළැව් ගින්න පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

ළැව් ගින්න පැතිරියාමේ සීඝ්‍රතාවය මත බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත රජය හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර, පුද්ගලයින් 20,000කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes