General09 August 2026

ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්

මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) පැවැත්වෙනවා.

එය පෙරවරු 9.30ට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී ආරම්භ කිරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

විභාගය සඳහා මෙවර සිංහල මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 73,723ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 294,089 ක් විභාගයට පෙනීසිටීමට නියමිතයි.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ කියා සිටියේ, විභාග ආරම්භ වීමට පැයකට පෙර අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි.


Related recommendation
Hiru TV News | Programmes