විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සහ ඒ ආශ්‍රිත අධි සංවේදී ප්‍රේරණ කලාපය මධ්‍යයේ ගලා බසින කලාඔයේ දිය නෑමේ මුවාවෙන් පැමිණ, එහි පරිසර පද්ධතියට හානි කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකුට එරෙහිව පුත්තලම අධිකරණය හමුවේ නඩු පැවරූ බව එළුවන්කුලම වනජීවී කාර්යාලය සඳහන් කරනවා.
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකින් දිනකට 1,000 කට අධික පිරිසක් දිය නෑම සඳහා කලාඔයට පැමිණ ස්භාවික පරිසරය විනාශ කරන බවට වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැකකරුවන් සංවිධානාත්මක අයුරින් අධික ශබ්ද වාහිනී යොදා ගනිමින් විනෝද සාද පවත්වමින් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, තවත් පිරිසක් බිලිපිති, තහනම් දැල් වර්ග යොදා ගනිමින් කලාඔයේ මසුන් මරමින් සිට ඇති බවයි වනජීවි කාර්යාලය සඳහන් කළේ.
එලෙසම, දුර්ලභ ගණයේ කුඹුක් ශාක මූලයන්හි ගිනි දැල්වීම, ගස්වල අතු කැපීම සහ නිවෙස්වලින් ගෙන එන ලද ඝන අපද්‍රව්‍ය ස්වභාවික පරිසර පද්ධතියට මුදාහැරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උග්‍ර පාරිසරික හානියක් සිදුව තිබූ බවයි වාර්තා වුණේ.
තහනම් දැල් යොදා ගනිමින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වලයා, රෝගුවා ඇතුළු ලූළන්, ගෝල්ඩන් සහ කැට්ලෝ නැමති මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා හොර රහසේ රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම මසුන් නැවත නිරුපද්‍රිතව කලාඔයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණා.
සෝදිසි මෙහෙයුමේදී රාජකාරියට බාධා කළ පිරිසකට එරෙහිව ද නඩු පැවරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබුණා.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව සැකකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් වනජීවී ඇප මත මුදාහැර ඉදිරි දිනයේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එළුවන්කුලම වනජීවී ඒකකයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Latest News
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
Local
09 August 2026
ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි : පුත් හන්ටර් පවසයි
Local
09 August 2026
අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්
Local
09 August 2026
රටේ ලොකුම ප්‍රමුඛතාව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වෙලා - සජිත් ප්‍රේමදාස
Local
09 August 2026
මැදිරිගිරියේ නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග
Local
09 August 2026
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026