General09 August 2026

බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

මුලංකාවිල් පොලිස් වසමේ පිහිටි බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීම සඳහා ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මුලංකාවිල් පොලිසිය සඳහන් කරනවා.

මුලංකාවිල් පොලිස් වසමට අයත් බැංකුවක මුදල් තැන්පත් කිරීම සඳහා රුපියල් 5,000 ක ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සන්තකයේ තබාගෙන පැමිණ සිටියදී මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් ‍‍ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 26 සහ 61 යන වයස්වල පසුවන පුනරීන් සහ නච්චිකුඩා ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුලංකාවිල් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes