General10 August 2026

සාගර කාරියවසම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි අවස්ථාවේදීයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළවයි ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබුණේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ දැනුම් දීමට අනුව තමන් පෙරවරු 10.30ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින බවයි.

මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes