General10 August 2026

කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට

සංවිධානාත්මක පාතාල කල්ලි නායක කාංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම සගයෙකු වන "රත්මලානේ සයිමා" ඇතුළු මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දිවයිනට රැගෙන ආ බව පොලීසිය පවසනවා.

මැලේසියානු පොලීසිය, ජාත්‍යන්තර පොලීසිය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් "රත්මලානේ සයිමා" නමැති මෙම සැකකරු කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් පාලනය, මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් සිදුකර ඇති ප්‍රධානතම ක්‍රියාකාරිකයා බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

දිවයිනට රැගෙන ආ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes