General11 August 2026

මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කළා. මෙම සිද්ධිය වන අවස්ථාවේ දී එම සැකකරු බන්ධනාගාරය තුළ සිටි ඇති අතර පසුව ඇප ලබා නිවසට පිටව ගොස් තිබුණි. එබැවින් එම සැකකරු සැඟව සිටි බවත් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියා.

එම සැකකරු නඩුවේ අංක 32 වැනි සැකකරු ලෙස නම් කළ අතර අද (11) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කළා.

මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කර ඇති අතර 38 දෙනෙකු අධිකරණයට ඉකුත් 7 වන දින ඉදිරිපත් කළා.

ආරක්ෂක හේතු මත එම සැකකරුවන්ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්‍රාත්වරියේ නිල මැදිරියේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) කැඳවනු ලැබුවා.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න, උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග සහ අනිල් අසේල (87113), (108388) හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළා.
Related recommendation
Hiru TV News | Programmes