General11 August 2026

මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ - කාදිනල් හිමි

සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනය පැනවීමක් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමියන් කියා සිටියේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් ඇතුළු සියලු පාර්ශව හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින්ට යුක්තිය ඉටුකරදීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.

බලයේ සිටින සියල්ලන් මෙවැනි ව්‍යසනයක් කිසිවෙකුට සිදුවීම වැළැක්වීමට සැමවිටම උත්සහ කළ යුතු බවයි කාදිනල් හිමිපාණන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට කිසිදු ආකාරයකින් මැදිහත් වීමක් සිදු නොකරන බවත්, අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes