General11 August 2026

ධීවර කටයුතුවලදී අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ අතර සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes