General11 August 2026

මව්වරුන්ට සහ දරුවන්ට ඩොලර් මිලියන 2.73ක පෝෂණ ව්‍යාපෘතියක්

කොවිඩ්-19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් පෝෂණ මට්ටම පහත වැටී ඇති දිස්ත්‍රික්ක 04ක මාතෘ හා මුල් ළමාවිය පෝෂණ සේවා ඉහළ නැංවීම සඳහා වසර 03ක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක බැංකු සමූහයේ ජපන් සමාජ සංවර්ධන අරමුදල (JSDF) මගින් ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.73ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම නුවරඑළිය, රත්නපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි අවදානමට ලක්ව සිටින ගැබිණි හා කිරි දෙන මව්වරුන් මෙන්ම වයස අවුරුදු 05ට අඩු ළමුන් ඉලක්ක කරගනිමින් මෙම පෝෂණ මැදිහත්වීමේ වැඩසටහන් දියත් කෙරෙනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.


Related recommendation
Hiru TV News | Programmes