පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු, ඒ සඳහා යොදාගත් කැණීම් උපකරණ සමඟ වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සැකකරුවන් සමඟ ස්කැනර් යන්ත්‍රයක්, රවුටරයක්, පවර් බෑන්ක් එකක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම වැටලීම වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් ඊයේ (11) රාත්‍රී වැලිකන්ද පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේදී සිදු කර ඇති බව ද පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 55, 59, 63 හා 67 ක් වන වැලිකන්ද, හිඟුරක්ගොඩ, පොලොන්නරුව හා මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026