General12 August 2026

පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙක් ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වැලිකන්දේදී අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු, ඒ සඳහා යොදාගත් කැණීම් උපකරණ සමඟ වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සැකකරුවන් සමඟ ස්කැනර් යන්ත්‍රයක්, රවුටරයක්, පවර් බෑන්ක් එකක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වැටලීම වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් ඊයේ (11) රාත්‍රී වැලිකන්ද පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේදී සිදු කර ඇති බව ද පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 55, 59, 63 හා 67 ක් වන වැලිකන්ද, හිඟුරක්ගොඩ, පොලොන්නරුව හා මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes