General12 August 2026

ලෝක අලි දිනය අදයි

ලෝක අලි දිනය අදට (12)ට යෙදී තිබෙනවා.

අලි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන අලීන්ගේ සුරක්ෂිතතාවය හා පැවැත්ම පිළිබඳ මෙම අවස්ථාවේ ලෝකයේම අවධානය යොමුව ඇති බවයි.

වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් සංචරණ මාර්ග සහ අලි මංකඩ අවහිර වීම නිසා අහිතකර පාරිසරික බලපෑම් එල්ල වී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

ලෝක අලි දිනය අදට යෙදී තිබුණ ද මේ වනවිට මෙරට අලි ගහණය අවම මට්ටමේ පවතින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

වසරේ මේ දක්වා මෙරටින් අලි මරණ 199 ක් වාර්තා වී ඇති බවයි වනජීවි සංරක්ෂණ සංසදය පවසන්නේ.

ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වෙඩි තැබීමෙන් සිදුව ඇති අතර හක්කපටස් පෑගීමෙන්, අනාරක්ෂිත විදුලි රැහැන්වල ගැටීමෙන් සහ අනාරක්ෂිත වගා ළිංවලට වැටීමෙන් ද අලි මරණ වාර්තා වී ඇති බවයි එම සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල පවසා සිටියේ.




Related recommendation
Hiru TV News | Programmes