General12 August 2026

ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනිමට කටයුතු කරන බව හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ තම සභාපතිත්වයෙන් යුත් තේරිම් කමිටුව ඉවත් කළ ක්‍රමවේදය තුලින් තමන්ගේ කීර්ති නාමයට අපහාසයක් සහ අගතියටක් සිදුවූ බව පවසමින්.

තම කොන්ත්‍රාත්තුව අත්තනෝමතික ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් පරිවර්තන කමිටුව වෙත යැවූ ලිපියට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියා.

වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර 2ක කාලයක් සදහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කළේ තරංග පරණවිතාන ,ඉන්දිකද සේරම් ,විනෝදන් ජෝන්,සහ රසාංජලී අල්විස් එහි සෙසු සාමජිකයින් ලෙස නම් කරමින්.

කෙසේ වෙතත් නව ක්‍රිකට් පරිවතන කමිටුව පත් වීමෙන් පසු පසුගිය මැයි මාසයේ එම තේරිම් කමිටුව ඉවත් කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් තේරිම් කමිටුව පත් කිරීමට ක්‍රිඩා ආමාත්‍යවරයා පියවර ගත්තේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හැර කමිටුවේ සිටි සෙසු සාමාජිකයින් සඳහා ඉවත් කිරිමෙන් පසුවද ඉදිරි මාස කිහිපයක් සදහා වැටුප් හා දීමනා ගෙවා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes