General12 August 2026

දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ පවා අවධානය යොමුව ඇති පසුබිමක කිසිදු බියක් සැකයකින් තොරව ග්‍රෑන්ඩ්පාස් - ඛෙත්තාරාම මාවතේ උදේ, දහවල් මෙන්ම රාත්‍රී කාලයේ ද හෙරොයින් ජාවාරම් ක්‍රියාත්මක වනවා.

හිරු CIA කළ සොයා බැලීමකදී හෙළිවූයේ එම ප්‍රදේශයේ පිහිටා ඇති එම්. වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණය ද ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදා ගන්නා බවයි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආසන්නයෙන් දිවෙන ඛෙත්තාරාම මාවත ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වීම සඳහා මීටර් 400ක් පමණ දිගකින් යුතු වනවා.

මෙම පටු මාර්ගය මේ වනවිට සංවිධානාත්මක හෙරොයින් ජාවාරම්කරුවන් සිය මත්කුඩු බෙදාහැරීමේ නවතම තිප්පොළ බවට පත්කරගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු හෙළි කළේ, එම්.වින්සන්ට් පෙරේරා ළමා ක්‍රීඩාංගණය ද හෙරොයින් බෙදා හැරීමට යොදා ගන්නා අතර දිනකට අවස්ථා
හතරකදී ජාවාරම ක්‍රියාත්මක බවයි.

මත්ද්‍රව්‍ය විකිණීම සඳහා එක් අයෙකු නොව දෙතුන් දෙනෙකු පැමිණෙන බවත් ක්‍රීඩාංගණයේ මැද හරියේදී ජාවාරම සිදුකරන බවත්ොහු පවසනවා.
එක් කෑල්ලක් රුපියල් දහසකට අලෙවිකරන බවත් ජාවාරම්කරුවන් ඛෙන්තාරාම මාවතේ මල් පාත්ති ඇතුළු විවිධ ස්ථානවල හෙරොයින් සඟවා තබන බවද වාර්තා වනවා.

ඇතැම් අවස්ථාවල ත්‍රිරෝද රථවල මෙන්ම යතුරුපැදිවලින් ද ජාවාරම්කරුවන් පැමිණ කිසිදු බියක් හා සැකයකින් තොරව හෙරොයින් ජාවාරම් කරන අතර ඔවුන් අතර බහින්බස්වීම් ද සිදුවනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඛෙත්තාරාම මාවත තම ග්‍රහණයට ගෙන කරගෙන යන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව හිරු සී.අයි.ඒ.කණ්ඩායම අවස්ථා කිහිපයකදී මෙරට ආරක්ෂක අංශ දැනුවත් කළා.

එහෙත්, එළිපිටම මහ දවාලේ පවා මෙම ජාවාරම්කරුවන් කිසිවෙකුට නොබියව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් පවත්වාගෙන යාම කණගාටුවට කරුණක්.
Related recommendation
Hiru TV News | Programmes