ජූනි 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේ පළමු ත්‍රෛමාසිකය තුළ හේලීස් සමූහය (Hayleys Group) සාර්ථක ආරම්භයක් සටහන් කර තිබෙනවා.
ඒ අනුව සමූහයේ අඛණ්ඩ මෙහෙයුම්වලින් ලැබූ ඒකාබද්ධ ආදායම පසුගිය වසරේ සමාන කාලඡේදයට සාපේක්ෂව 38%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 179.32ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.
එමෙන්ම, සමූහයේ බදු ගෙවීමට පෙර ඒකාබද්ධ ලාභය (PBT) 61%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 10.15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවාහන හා සැපයුම් (Transportation & Logistics) ක්ෂේත්රය 84%ක ආදායම් වර්ධනයක් සටහන් කරමින් රුපියල් බිලියන 42.88ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
පරිභෝගික හා සිල්ලර වෙළෙඳ (Consumer & Retail) ක්ෂේත්රය 46%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 49.22ක ආදායමක් හිමිකරගෙන ඇති බවයි සඳහන්.
මේ අතර සමූහයේ අපනයන පදනම් කරගත් ක්ෂේත්රවල ආදායම 24%කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම පොලී, බදු, ක්ෂයවීම් සහ අමෝටීකරණයට පෙර ලාභය (EBITDA) 46%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 18.11ක් වනවා.
බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 86%ක ඉහළ යාමක් පෙන්වමින් රුපියල් බිලියන 5.92ක් ලෙස සටහන් වුණා.
මේ අනුව Fitch Ratings විසින් හේලීස් සමූහයට හිමිකර දී ඇති 'AAA(lka)' ජාතික දීර්ඝකාලීන ණය ශ්‍රේණිගත කිරීම (මනා ස්ථාවර මට්ටමක) තවදුරටත් තහවුරු කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ සඳහන් කළේ,
"මෙම වසරේ ලැබූ සාර්ථක ආරම්භය මඟින් අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරවල ශක්තිමත්භාවය සහ උපායමාර්ගික ප්රමුඛතාවයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව මනාව පිළිඹිඹු වනවා. ඉදිරියේදී මතුවන නව වෙළඳපොළ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සමූහයේ ඉදිරි වර්ධනය උදෙසා කටයුතු කිරීමට අපි සූදානම්."
මේ වනවිට හේලීස් සමූහයේ සමස්ත සේවක මණ්ඩලය 38,300 ඉක්මවා ඇති අතර, පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමේ උපායමාර්ග යටතේ හරිතාගාර වායු (GHG) විමෝචන තීව්‍රතාව 18%කින් අඩු කර ගැනීමට ද එම සමූහය සමත්ව තිබෙනවා.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026