General13 August 2026

''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති

තමන් කිසිසේත්ම විධායක බලය හෝ ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනපතිවරයා මේ බව පවසා සිටියේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර ඊයේ (12) පැවති හමුවේදීයි.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කර තිබෙනවා.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා,

''මං කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගී කරගන්නේ නැහැ. ඊළඟට උපුල් මහත්තයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණා. ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවාවල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධවෙන්නේ අවදානමක් දරාගෙන.''
Related recommendation
Hiru TV News | Programmes