General13 August 2026

ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්

කොංගෝ රාජ්‍යයෙන් වර්තමානයේ වාර්තා වන ඉබෝලා වසංගත තත්ත්වය, මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය ඉක්මවා යාමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් කියා සිටියේ 11,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසරවලදී සිදුවූ වසංගත තත්ත්වය ද ඉක්මවා යාමේ අවදානමක් වර්තමානයේ උද්ගත වී ඇති බවයි.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එරටින් ආසාදිතයන් 4,300 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,000 කට අධිකයි.




Related recommendation
Hiru TV News | Programmes