මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් සහ ගිනි අවිය ලබා දී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය විසින් බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම ඝාතනය සිදු කර ඇත්තේ ගනේමුල්ල සංජීවගේ ඝාතනයට පලිගැනීමක් ලෙස බවටත් විශ්වාස කෙරෙනවා.
මිද්දෙණිය - උලහිටියාව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රැඳී සිටි කාන්තාවක ඉලක්කකර මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබුණේ ඊයේ (12) සවස් කාලයේදීයි.
වෙඩිතැබීමෙන් පපු ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබූ අදාල කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් 'බැකෝ සමන්' නමැත්තාගේ මව බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඇයගේ ගේ සිරුරට වෙඩි ප්‍රහාර 7ක් එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ ‘බැකෝ සමන්’ නමැත්තා මෙ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
අරුණ විදානගමගේ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා එල්ලවන්නේ ‘බැකෝ සමන්’ නමැත්තාටයි.
පසුගිය වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ ඝාතනය කෙරුණු අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීවගේ” ඝාතනය සැළසුම් කිරීමේදී සහ ඝාතනයෙන් පසු වෙඩික්කරුවන්ට සහ ඝාතනයට අධාර අනුබල දුන් පිරිස් වෙත රැකවරණය ලබාදීමේ චෝදනාවද එල්ලවන්නේ ‘බැකෝ සමන්’ නැමැත්තාටයි.
ඒ හේතුවෙන් ගනේමුල්ල සංජීව පාර්ශ්වයෙන් කලක සිට ‘බැකෝ සමන්’ නැමැත්තාගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ ඥාතීන් ඉලක්කකර ප්‍රහාර දියත් කිරීමට සැළසුම් සකස් කර ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව ගනේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස ගනේමුල්ල සංජීවගේ පාතාල හිතවතෙකු වන කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීමට කරන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් අද (13) උදෑසන සිදුකෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොමුකර ඇති බවයි මිද්දෙණිය පොලිසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා සිදුවූ සංවිධානාත්මක වෙඩි තැබීමේ සිදුවීම් ගණන 28 දක්වා ඉහළ යන අතර එම සිදුවීම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026