General13 August 2026

මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි

රෝහලේදී මියගිය තැනැත්තියකගේ දේහය නිවසට රැගෙන ඒමටත් පෙර, එම නිවස බිඳ වටිනා භාණ්ඩ සොරාගත් පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් මිල්ලනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මිල්ලනිය, රන්පොකුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ‘මී උණ’ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයගේ අභාවයෙන් පසු නිවසේ කිසිවෙකුත් නොමැති අතරවාරයේ, දේහය නිවසට රැගෙන ඒමටත් ප්‍රථම මෙම සොරුන් පිරිස නිවසට ඇතුළු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එහිදී, එහි තිබූ වටිනා භාණ්ඩ රැගෙන පලා යාමට උත්සාහ කිරීමේදී ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් සොරුන් පිරිස වටකර අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

අනතුරුව, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොරාගත් භාණ්ඩ හොරණ පොලිසිය වෙත භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes