වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අවුරුදු හතරක් පමණ වන කුඩා දැරියක අද (13) උදෑසන ත්‍රීරෝද රථයකින් ගෙනවිත් දමා ගොස් සිටියදී පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.
අද (13) වනදා උදේ 6.15 ට පමණ මෙම ස්ථානයේ අතුරු මාර්ගයක් ඔස්සේ ත්‍රී රෝද රථයකින් පැමිණ අවුරුදු හතරක් පමණ වන මෙම දැරිය එම ස්ථානයේ දමා ත්‍රී රෝද රථය පලාගොස් ඇති අතර ඒ අවස්ථාවේදී දැරියගේ හැඬීමේ ශබ්දය ඇසී ප්‍රදේශවාසින් එක්ව පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඒ අනුව වහාම එම ස්ථානයට ගිය වත්තේගම පොලීසියේ නිලධාරින් දැරිය පොලිස් භාරයට ගෙන වත්තේගම රෝහලින් මූලික ප්‍රතිකර ලබා දී වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම දැරිය කොළ පැහැති ත්‍රීරෝද රථයකින් මෙම ස්ථානයට රැගෙනවිත් දමා ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර දැරියගේ දෙමාපියන් විසින් ත්‍රී රෝද රථයෙන් දැරිය ගෙනවිත් දමන්තට ඇති බවට පොලීසිය සැක කරන අතර ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් මේ වන වන විට ආරම්භ කර තිබෙනවා.
මෙම දැරියට නිරන්තරයෙන් හිරිහැර සිදු වන බවට ඇගේ ශරිර ලක්ෂණවලින් පෙනී යන බැවින් මේ පිළිබඳව වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Latest News
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026
විසි දෙකට එරෙහිව අදට පෙත්සම් 37ක්
Local
19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමග අත්අඩංගුවට
Local
19 August 2026
බෝවතැන්න ජලාශයේ නඩත්තුවක්: 24 දා සිට ජලය ඉවත් කෙරේ
Local
19 August 2026
ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි
Local
19 August 2026
ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී අරණට වැඩි යතිවරයාණෝ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා
Local
19 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026