General19 August 2026

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, උතුරු-මැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල හෙට දිනයේදී (20) දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මෙම උණුසුම් දර්ශකය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණය මගින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් ගණනය කර ඇති අතර, මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොව ශරීරයට දැනෙන තත්ත්වයක් බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

නැගෙනහිර පළාත සහ උතුරු-මැද පළාත තුළත්, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes