General14 August 2026

ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා අද (14) දිනයේදී උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර ඊයේ (13) දිනයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වූ අතර එය සටහන් වූයේ සෙල්සියස් අංශක 37.2ක් ලෙසයි.



Related recommendation
Hiru TV News | Programmes