අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10යි මාස 8ක් වන දැරියකට ලිංගික අපයෝජනය සිදුකළ බවට ඇයගේ පියාට සහ සීයාට එරෙහිව පැමිණිලි දෙකක් පොලිස් ස්ථානයට ලැබී ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා.
දැරිය විසින් සිය ආච්චි සමඟ අම්බලන්තොට පොලිසියට පැමිණ සිදුකළ ප්‍රකාශ අනුව මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි අම්බලන්තොට පොලිසිය පවසන්නේ.
පොලිසිය සඳහන් කරන පරිදි, පළමු පැමිණිල්ලෙන් දැරියගේ සීයා විසින් අවස්ථා කිහිපයකදී ඇයට ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා කර තිබෙනවා.
එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිවකුට පැවසුවහොත් මරණ බවට තර්ජනය කර දැරිය බිය ගන්වා තිබූ බවද ඇයගේ ප්‍රකාශයේ සඳහන් වන බවයි පොලිසිය පවසන්නේ.
දෙවන පැමිණිල්ලෙන් දැරියගේ පියා විසින්ද අවස්ථා ගණනාවකදී ඇයට ලිංගික අපයෝජනය සිදුකළ බවට චෝදනා කර තිබෙනවා.
එම සිදුවීම් සම්බන්ධයෙන්ද කිසිවකුට නොපවසන ලෙස තර්ජනය කර තිබූ බව දැරිය පොලිස් පැමිණිල්ලේ සදහන් කර ඇති බව සඳහන්.
දැරිය පසුගිය 9 වැනිදා පාසල් ක්‍රීඩා කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගොස් අනතුරුව මිරිස්ස ප්‍රදේශයේ සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේදී සිදුවීම් සම්බන්ධයෙන් ආච්චි සහ ඥාතියෙකුට දැනුම්දී තිබෙනවා.
පසුව ඔවුන් විසින් දැරිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර, ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරන්නේ.
චෝදනා එල්ල වී ඇති සීයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කළද, එම අවස්ථාවේ ඔහු එහි නොසිටි බව වාර්තා වෙනවා.
දැරියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ සිදුකර ඇති අතර, ඔහු මුහුදු රැකියාවකට ගොස් සිටීම හේතුවෙන් එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.
සිද්ධීන් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය මගින් වෙන වෙනම විමර්ශන පවත්වන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා තිබෙනවා.

Latest News
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026