General18 August 2026

මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය මේ විට ආරම්භ වී තිබෙනවා.

පෙරහර, දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගයට පිවිසීමටයි නියමිතව ඇත්තේ.

අද පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිව ඇත්තේ ඉන්දිරාජා හස්තියාට වන අතර දෑලේ ඇතුන් ලෙස මියන්රාජා සහ කෝට්ටේ රාජා ගමන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes