නවසීලන්ත පොලිසිය, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ ප්රමුඛ ජනවාර්ගික ප්‍රජා නායකයෙකු වන සුපරින්ටෙන්ඩන් රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම පිළිබඳව නිල වශයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
නායිඩූ ලබන මහ මැතිවරණයේදී නවසීලන්ත කම්කරු පක්ෂය (Labour Party) නියෝජනය කරමින් තරග කිරීමට සලකා බලමින් සිටින බව තම කළමනාකරු වන සහකාර පොලිස් කොමසාරිස් ටිම් ඇන්ඩර්සන්ට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, එම පළමු සාකච්ඡාවෙන් සතියකට පමණ පසුව වන තුරු එම තොරතුර පොලිස් කොමසාරිස් රිචඩ් චේම්බර්ස් වෙත දැනුම් දී නොතිබුණා.
ඒ සම්බන්ධයෙන් සහකාර කොමසාරිස් ටිම් ඇන්ඩර්සන්, පොලිස් කොමසාරිස් රිචඩ් චේම්බර්ස්ටත් රකේෂ් නායිඩූටත් සමාව ඉල්ලා තිබෙනවා.
මාධ්‍ය වෙත වැරදි තොරතුරු ලබාදීමට හේතු වූ “ව්‍යාකූලත්වය” සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
නවසීලන්ත මාධ්‍ය ආයතනයක් වන RNZ විසින් සිදුකළ අනාවරණයකට අනුව, නායිඩූ කම්කරු පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳව ඇන්ඩර්සන් සමඟ සාකච්ඡා කර ඇත්තේ ඔහු එම පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නිල වශයෙන් තහවුරු කිරීමට සති දෙකකට පමණ පෙරයි.
ජූනි 8 වැනිදා නායිඩූ කම්කරු පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස තහවුරු කරනු ලැබුවා.
ඔහුට ලැබුණු 13 වැනි ස්ථානය හේතුවෙන් පාර්ලිමේන්තු ආසනයක් හිමිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි වාර්තා වෙන්නේ.
පොලිස් ලේඛන අනුව නායිඩූ සහ ඇන්ඩර්සන් අතර පළමු සාකච්ඡාව සිදුවී ඇත්තේ මැයි 25 වැනිදා ආරම්භ වූ සතියේදීයි.
එහිදී නායිඩූ තමන් නවසීලන්ත කම්කරු පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාචිකව දැනුම් දී තිබෙනවා.
එහෙත් ඒ වන විට ඔහු අවසන් තීරණයක් ගෙන නොතිබූ බැවින්, ඇන්ඩර්සන් එය රහසිගත සාකච්ඡාවක් ලෙස සැලකූ බව පවසා ඇති අතර මැයි 28 වැනිදා නායිඩූ, පොලිස් ප්‍රතිපත්ති, රාජ්‍ය සේවා කොමිසමේ මාර්ගෝපදේශ සහ මැතිවරණ පනතට අදාළ කරුණු ඇතුළත් මුද්‍රිත ලේඛන කිහිපයක්ද ඇන්ඩර්සන් වෙත ලබා දී තිබෙනවා.
ඇන්ඩර්සන් පසුව සඳහන් කර ඇත්තේ, එම පළමු සාකච්ඡාව පිළිබඳවද පොලිස් කොමසාරිස්වරයා දැනුවත් කළේ නම් වඩාත් සුදුසු විය හැකි බවයි.
ජූනි 4 වැනිදා නායිඩූ ඇන්ඩර්සන්ට තමන් කම්කරු පක්ෂයේ ලැයිස්තුව සඳහා නම ඉදිරිපත් කිරීමට සූදානම් බව පෞද්ගලිකව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත කම්කරු පක්ෂයේ රැස්වීමකට සහභාගී වීමට නියමිත බවද ඔහු දැනුම් දී ඇති අතර ඉන් පසුව පස්වරු 3.21ට ඇන්ඩර්සන් දුරකථනයෙන් පොලිස් කොමසාරිස් රිචඩ් චේම්බර්ස් දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ජූනි 7 වැනිදා නායිඩූ තමන් කම්කරු පක්ෂ ලැයිස්තුව සඳහා තෝරාගෙන ඇති බවත්, එම අවස්ථාව පිළිගන්නේද යන්න එදින තීරණය කරන බවත් ඇන්ඩර්සන්ට දැනුම් දී තිබෙනවා.
එදින පස්වරු 5.30ට පමණ නායිඩූ ඇන්ඩර්සන් හමුවී තමන් ලැයිස්තු අපේක්ෂකත්වය පිළිගන්නා බව තහවුරු කර තිබෙන අතර පසුව ඔහු “New Zealand General Election 2026” යන මාතෘකාව සහිත විද්‍යුත් තැපෑලක් යවා ඇති අතර, එහි තමන් කම්කරු පක්ෂය වෙනුවෙන් ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා දේශපාලනික වශයෙන් මධ්‍යස්ථව පොලිස් සේවයේ නිරත වන බවත්, පොලිස්, මැතිවරණ සහ රාජ්‍ය සේවා මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන බවයි.

Latest News
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි 2 වැනි ටෙස්ට් තරගය: තෙවැනි දිනට තරගය නිමවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 8ට 265යි
Local
25 August 2026