22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන තර්කවල ගැඹුරක් නොමැති බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය පවසන්නේ, ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී පළ කළ අදහස් ඒකපාර්ශවිකව නිකුත් කිරීම ගැටලු සහගත බවයි.
ජනතා පරමාධිපත්‍යයේ අත්‍යන්ත කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අවදානමක් ගැනීම මහජනතාව සතු පරමාධිපත්‍ය බරපතල අනතුරේ හෙළීමක් බවයි දිනන දකුණ සාමූහිකය අවධාරණය කරන්නේ.
එපමණක් නොව එවැනි අවදානමක් ගනිමින් 22 සංශෝධනය හදුන්වා දීමට විධායකය දරන උත්සාහය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට, මෙන්ම ජනතා පරමාධිපත්‍යයට බරපතල බලපෑමක් සිදුවිය හැකි බවද ඔවුන් පවසනවා.
සමාජීය-ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලදී විධායකයට දේශපාලන අවදානම් ගත හැකි වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එවැනි අවදානම් ගැනීම මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවම අනතුරේ හෙළීමක් බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
අධිකරණ පද්ධතිය කළමනාකරණය කිරීම සඳහා දේශපාලන ප්‍රතිපත්තිමය අවදානමක් ගැනීම රටක අනාගතය පරදුවට තැබීමක් ලෙසයි එම සාමූහිකය අවධාරණය කරන්නේ.
එමෙන්ම ජනාධිපතිවරයා අධිකරණ පුරප්පාඩු පිරවීම පිළිබඳව සිදුකරන ප්රකාශයන්ද පරස්පර විරෝධී බවත්, ජනාධිපතිවරයාගේ මතයට අනුව විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීම හෝ අත්හිටුවීම එම විනිසුරුවරුන්ගේ සාධාරණ නෛතික අපේක්ෂාවන්ට ගරු කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙසත්, අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ජනාධිපතිවරයා නැවත නැවතත් තහවුරු කර ඇත්තේ තම අත්තනෝමතික අවශ්‍යතාවයක් සඳහා විනිසුරුවරුන්ගේ සහජ වෘත්තීය ඉදිරිගමන අත්හිටුවමින් සමස්ත අධිකරණ පද්ධතියම ව්‍යාකූල කරමින් අධිකරණ පද්ධතිය විධායකයේ අණසකට ගැනීම සඳහා තමන් විසින් ඕනෑම අවධානමක් ගැනීමට පසුබට නොවන බවද දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙනවා.
අධිකරණ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය වන්නේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ඩිජිටල් යටිතල පහසුකම්, පහළ අධිකරණවල විනිසුරු සංඛ්‍යාව වැඩි කිරීම සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දීම මිස විනිසුරුවරුන්ට තම ධුර කාල දීර්ඝ කිරීම නොවන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරත් දැක්වෙන්නේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් යහපත් චේතනාවෙන් කළ ඒවා බව පැවසුවද, දේශපාලනිකව බුද්ධිමත් ජනතාව එම ප්‍රකාශවල මතුපිට දෙස නොව එහි පිටුපස පවතින කටුක යථාර්තය සොයා බලන ලෙසට දිණන දකුණ සාමූහිකය ජනතාවෙගෙන් ඉල්ල සිටිනවා.
දිනන දකුණ සාමුහිකය ජනාධිපතිවරයාට කියා සිටින්නේ අධිකරණය කෙරෙහි බලපානු ලබන වංචා සහගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීම වහාම නතර කරන ලෙසටයි.

Latest News
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026