General14 August 2026

දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

රී බිල්ඩින්ග් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.

දිට්වා ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, මේ වසරේ ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දිට්වා ආපදාව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් ද පූර්ණ හානියට පත් නිවාස 4918 ක් සඳහා රුපියල් මිලියන 11,510 ක් ද මේ වන විටත් ලබාදී ඇති බව සාකච්ඡාවේදී හෙළි වුණා.
Related recommendation
Hiru TV News | Programmes