පොදු මගී ප්‍රවාහන බස් රථ නැවැත්වීම සඳහා වෙන් කර ඇති බස් නැවතුම් ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නැවැත්වීමට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
බස් නැවතුම්පොළවල වෙනත් වාහන නවතා තිබීම හේතුවෙන් බස් රථ මාර්ගය මැද නැවැත්වීමට සිදු වන අතර, එමගින් මහජනතාවට සහ මගීන්ට දැඩි රථවාහන තදබදයකට මෙන්ම ජීවිත අවදානමකට ද මුහුණ දීමට සිදුවන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මගින් ගමන් කළ හැකි නවීන බස් රථ හඳුන්වා දී ඇති පසුබිමක, බස් නැවතුම්පොළවල් අවහිර වීම නිසා එම පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය මගීන්ට ද බස් රථවලට නැගීමේදී සහ බැසීමේදී දැඩි අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන බවයි පොලිසිය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව,
සාමාන්‍ය බස් නැවතුම්පොළක (Bus Stop): ළඟා වීමට මීටර් 30 ක් ඇතුළත සහ පිටවන දෙසින් මීටර් 15 ක් ඇතුළත වෙනත් වාහන නැවැත්වීම තහනම් වෙනවා.
බස් නවාතැන් සහිත ස්ථානවල (Bus Bays): ළඟා වන දෙසින් මීටර් 15 ක් සහ පිටවන දෙසින් මීටර් 10 ක් ඇතුළත වෙනත් වාහන නවත්වා තැබීම තහනම් කර තිබෙනවා.
ඒ අනුව, මගී ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් මෙම නීතිරීති කඩකරන රියදුරන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026