General15 August 2026

කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්

කඩුවෙල සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හෙට 16 වැනිදා උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ සමගාමීව කඩුවෙල, අවිස්සාවේල්ල - කොළඹ බස් මාර්ගයේ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරනවා.

පෙරහර දේවාලය අසලින් ආරම්භ වී (143 පාර) - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් තොටුපළ දෙසට ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතයි.

පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයේ කඩුවෙල හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ගයක් වශයෙන් 697 බස් මාර්ගයෙන් කඩුවෙල-කොරතොට මාර්ගය ඔස්සේ 177 - කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට ඇතුළත් වී රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 - අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගයට ඇතුළත් වී ගමන් කළ හැකියි.
Related recommendation
Hiru TV News | Programmes