පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් දිවයින පුරා පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරි වසම් 17ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි.
ඇතැම් ප්‍රදේශවල මේ වන විට පානීය ජල හිඟයක්ද පවතින අතර, කෘෂිකර්මාන්තයට මෙන්ම දෛනික ජන ජීවිතයටද උද්ගතව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.
පොළොන්නරුව - හිඟුරක්ගොඩ, හතරැස් කොටුව මාකුලා වැව සිඳීයාමත් සමග එම ගම්වාසීන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
එසේම, මිහින්තලේ ප්‍රදේශයට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන්, මිහින්තලය පුනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහා වෙරුප්පන්කුලම පංසල් වැව ආදී වැව් වල ජලය සිඳී යාම ආරම්භ වී ඇති බවද හිරු වාර්තාකරු පැවසුවා.
මේ අතර, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හෙට දිනයේදීත් අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල ඊට අයත්.
මේ අතර, අද දිනයේදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුව ප්‍රදේශයෙන්.
මඩකලපුව, මොණරාගල, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රීක්කවල පානීය ජල ගැටලු පවතින ප්‍රෙද්ශවලට බව්සර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා.
එවන් පසුබිමක රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ පවතින උණුසුම් කාලගුණ තත්වය සමග විශාදය වැනි රෝග උත්සන්න වීමේ හැකියාවක් ද පවතින බවයි.
මේ අතර, එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරුණා.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

Latest News
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026