අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පෙළපොත් සහ ක්‍රියාකාරම් පොත් තොගයක් අස්ථානගතවීම සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළා.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08ක පමණ වටිනාකමින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පෙළ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරු සහ එම පෙළපොත් තොගය මිලදී ගත් තැනැත්තා පොලිසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලංගම පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මේවා ප්‍රවාහනය කළ රියදුරු අදාළ පොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47,000ක මුදලක් ලබාගෙන ඇති බවටයි.
නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ පෙළපොත් 19,892ක් ප්‍රවාහනය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ගිවිසුම් ගතව තිබූ බියගම ප්‍රදේශයේ ආයතනයක් වෙත ලබාදී තිබූ අතර, පසුගිය මැයි මාසයේ එම ආයතනයට අයත් ලොරි රථයක රියදුරු විසින් එම පොත් තොගය භාරගෙන තිබුණා.
කෙසේවෙතත් පොත් තොගය නිසි පරිදි භාරදී නොමැති බවට තොරතුරු ලැබීමත් සමග අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් පසුගියදා තලංගම පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බෝතල් පත්තකරු විසින් එම පොත් පෑලියගොඩ ප්‍රදේශයේ පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට අලෙවි කර ඇති බවට ද අනාවරණය වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.

Latest News
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026